වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ
“මහණෙනි, සැරියුත් මුගලන් දෙනම සේවනය කරව්.
මහණෙනි, සැරියුත් මුගලන් දෙනම භජනය කරව්.
මහණෙනි, සැරියුත් මුගලන් දෙනම පණ්ඩිතහ.
සබ්‍රහ්මචාරීන්ට මැනවින් අනුග්‍රහ කරන්නාහ.
මහණෙනි, සැරියුත් නුඹලා සැමට මවක් වැනිය. මුගලන් කිරිමවක් වැනිය. මහණෙනි, සැරියුත් භික්ෂු සංඝයා සෝවාන් ඵලයෙහි පිහිටුවයි. මුගලන් අරිහත්ඵලයෙහි පිහිටුවයි.
මහණෙනි, සැරියුත් තෙමේ චතුරාර්‍ය්‍ය සත්‍ය විස්තර වශයෙන් ප්‍රකාශ කරන්නට, දේශනා කරන්නට, පණවන්නට, පිහිටුවන්නට, විවරණය කරන්නට, බෙදා විභජනය කරන්නට අතිශයින් ම සමර්ථ වෙයි. දක්ෂ වෙයි. ඒ සඳහා සුදුසු වෙයි. ”
( බුදුපියාණන් වහන්සේ. මජ්ජිම නිකාය – සච්චවිභංග සුත්‍රය. )
ඉහත සඳහන් වුයේ සම්මා සම්බුද්ධ වචනයි, ඇසුරු කරයුත්තෝ කෙබඳු විය යුතුද යන්න ඉතා මැනවින් අප මහා බුදුපියාණන් වහන්සේගේ මේ දේශනාවෙන් පැහදිලිව පෙන්වාදී ඇත. මෙබඳු අති උතුම් මහා රහතන්වහන්සේලා වැනි උත්තමයෝ මෙකල අති දුර්ලභ බැවින් සැබෑ කලණ මිතුරන් සොයා ගැනීමද, අතිශයින්ම දුෂ්කර කරුණක් වී ඇත. මෙලෙසින් අතිශයින්ම දුර්ලභ වන කලණ මිතුරා වනාහි නිවනම අරමුණුකොට නිවන් මාර්ගය පුර්ණය කර ගැනීම උදෙසා දොරටුව විවරකරදෙන සත්පුරුෂ උත්තමයෙකි.
පුජ්‍ය පාද වහරක අභයරත්නාලංකාර හිමිපාණන් වහන්සේ, වහරක, ගෝනගල්දෙණිය ගමේහි වර්ෂ 1950 දී, වීරසිංහ අරච්චිගේ අභයරත්න යන නමින් උපත ලබා වහරක මහා විද්‍යාලය තුලින් අධ්‍යාපනය ලැබූ අතර, ධර්ම පොත්පත් අභාෂය තුලින් සහ උන්වහන්සේ සහජයෙන් ලද දහම් ප්‍රඥාව තුලින් සිය දහම් මඟ වර්ධනය කරගත්හ. සහජයෙන් ලද උරුමය නිසාවෙන් කුඩා කල සිට භාවනාවට හිතතබා දහම් මඟ වැඩීමට පුරුදුවුණු අතර ඒ තුලින් සමාධියේ ඉහළ අවස්ථා කරා යොමුවී, මේ අත්භවය තුළ බුදු මඟ යෑමේ ඉදිරි පියවර තබන ලද්දේය. උන්වහන්සේ පරම දුර්ලබ බුදුදහම පිළිබඳව බොහෝසෙයින් පර්යේෂණ සිදුකලේ සියලු ලෝක සියලු සත්වයන් හට නිවැරදි ධර්මමාර්ගය අවබෝධකරදීමේ උතුම් අධිෂ්ඨානය නිසාවෙණි.
අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමට වැඩි කැමැත්තක් දැක්වූ පින්වත් අබේරත්න පුතණුවෝ තම තරුණ ජීවිතය කරා යොමුවූයේ අසීමිත පරිත්‍යාගශිලී බවකින් සහ කැපකිරීම් මධ්‍යයේ බැව් පසුකාලීනව කරන ලද ධර්ම දේශනා වලින් පැහැදිලි කෙරේ.
නොයෙක් අත්දැකීම් ලබමින් දැනුවත් වෙමින් දිවිගමනේ 27 වෙනි වසරට සපැමිණි අබේරත්න තරුණයා හට චන්ද්‍රලතා නම් තරුණිය සමග අතිනත ගැනීම සිදුවු අතර මෙම විවාහය ගිවිසගැනීමේ අසිරිමත් ම පැතිකඩ වන්නේ මතු යම් දිනයකදී සම්මා සම්බුද්ධ සාසනයේ මහණදම් පිරීමට දෙදෙනා තුළම ඇති කැමැත්ත එමොහොතේම ප්‍රකාශයට පත්වීමය. අබේරත්න තරුණයා දියණියකගේ සහ පුත් කුමරුවකුගේ දයාබර පියෙකු බවට පත්වීම මෙම විවාහය කරණකොටගෙන සිදුවුණි.
ලෝකයේ පවතින්නාවූ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැප දුක යන්නාවූ ධර්මතාවයන්ට මුහුණදෙමින් දිවිගමන තුළදී භාවනා ආදී බොහෝ පුණ්‍ය කටයුතු වලම නිරත වෙමින් තම දහම් මඟ එළිපෙහෙළි කරගත්තේය. මේබඳු පුණ්‍ය ක්‍රියාවල යෙදෙන අතර ලෝක සත්වයා පිලිබඳ පහළවූ අසීමිත දයානුකම්පාව හේතුකොටගෙන හැකි සෑම යහපතක්ම කිරීමට කාරුණික විය.
සිය ගුරු හිමියන් ලෙස දඹදෙණිය හත්පත්තුවේ ද්විතීය සංඝනායක සද්ධර්ම කිර්ති ශ්‍රී රේවත, අති පුජ්‍ය දියකෙලිනාවල මේධංකර නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ යටතේ වීරසිංහ අරච්චිගේ අබේරත්න මහතා පුජ්‍ය වහරක අභයරතනාලංකාර හිමි ලෙසින් මහණ දිවියට එළඹුණේය.
මෙලෙස මහණ දිවියට පත්වූ අබේරත්න මහතා, තමන් සතුව තිබූ සියලු දේපළ සාසන උන්තිය සඳහා කැප කිරීමෙන් පසුව ගිහි කල බිරිඳ සහ දියණියද සිල් මාතාවන් ලෙස සිය කැමැත්තෙන්ම මහණ දිවිය ආරම්භ කළේය. දියණිය ද තමන් සතුව තිබු නිවස සහිත දේපළ සම්මා සම්බුද්ධ සාසනයේ අභිවෘර්ධිය උදෙසා පුජා කිරීමෙන් පසු එම ස්ථානය මෙහෙණි ආරාමය වෙනුවෙන්ම වෙන් කෙරුණු අතර ගිහිකල තම පුතු ද ඔහුගේ මනාපය පරිදි සම්බුද්ධ සාසනය තුල පැවිදි විය. මේ සමඟම මෙම පවුලේ සියලුදෙනා සසර දුක් කෙලවර කර නිවන් සුවය අත්පත් කරගැනීමේ පරම පවිත්‍ර චේතනාවේන් බොඳු මඟ යෑමේ ගමන ආරම්භ කළෝය.
පහසුවෙන් අවබෝධ කළහැකි ලෙසින් සද්ධර්මය දේශනා කිරීම, වචන වලට ගැති නොවී අදහස ඉතා හොඳින් තේරුම් ගතහැකි ලෙසින් සහ අවශ්‍යව ඇති කොටස නියමිත අන්දමින්, මුල මැද අග ගලපමින් සරල සිංහල යොදා ගනිමින්, විශේෂයෙන් ධර්මයට සුත්‍රයට විනයට සැසේඳෙන ලෙසින් දේශනා ඉදිරිපත් කිරීම නිසා බොහෝදෙනාට පහසුවෙන් ධර්ම අවබෝධය ලබාගැනීමේ අතිදුර්ලභ අවස්ථාව උදාවී ඇත. අවබෝධයට වඩාත් පහසුවීම පිණිස යොදාගනු ලබන උදාහරණ වල විශේෂත්වය වන්නේ නිතර අප දකින, නමුත් අපගේ සිත් යොමුනොවන උදාහරණ ඒ සඳහා යොදා ගැනීමයි.
වහරක හිමිපාණන් වහන්සේගේ දේශනා ශක්තිය වන්නේ, කෙනෙක් විමසනු ලබන පැනයක් සඳහා දෙනුලබන පිළිතුරු දේශනාවේදී, අසනලද පැනයට පමණක්ම නොව ඒ ආශ්‍රිතව ඇති සෑම අතිසියුම් ගැටළු සියල්ලක් සඳහාම පිළිතුරු ලබාදීමය. මේ අන්දමට පිළිතුරු ලැබෙන්නේ උන්වහන්සේ වෙත ලැබෙන සියලු ප්‍රශ්න, කොටස් වලට බෙදා විභජනය කොට ධර්මයට සුත්‍රයට විනයට සැසේඳෙන ලෙස දේශනා වන නිසාවෙනි.
මෙම දේශනා ප්රාතිහාර්යය වඩාත්ම අසිරිමත් වන්නේ, වහරක හිමිපාණන් වහන්සේගේ පටිභාන කාව්‍යමය දේශනාවන් නිසාවෙනි. මෙම පටිභාන කාව්‍යය නම්, එක් අර්ථයක් විග්රහ කිරීමේදී එම අර්ථ විග්‍රහය සඳහා උදාහරණ උපමා ද ඇතුලත්ව කවි සමුහයක් මඟින් මෙම විග්‍රහය කිරීමයි. මෙම කාව්‍යයෝ නිතැතින්ම එම මොහොතේ ගෙතී එන්නක්ම වන අතර, මුල මැද අග සහ අක්ෂර ඝණ මාත්‍රා යන සියල්ල ගැලපී විතරාගී ස්වර රටාවකින් ධර්මයට සුත්‍රයට විනයට සැසේඳෙන ලෙසින් දේශනා වන්නක්ම වන නිසාවෙණි.
වහරක හිමිපාණෝ මෙලෙස ධර්මය දේශනා කරන අවස්ථා වලදී, නිතැතින්ම සිහියට නැඟෙනුයේ බුද්ධ කාලයේ දී දේශනා ප්රාතිහාර්ය කෙලෙසනම් සිදුවන්නට ඇද්දෝයි යන සිතුවිල්ලමය.
වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේගේ මුලිකත්වයෙන් ඉතාම අල්පවූ පහසුකම් වලින් සමන්විතව ආරම්භ කෙරුණු කුඩා ධර්මශාලව ක්‍රමක්‍රමයෙන් පින්වතුන්ගෙන් පිරීඉතිරීගියේ එම පිරිස් ශ්‍රවණය කරන ලද්දාවූ ශ්‍රී සද්ධර්ම රත්නය හේතුකොටගෙන ඔවුන්ගේ දහම් ඇස විවෘත වූ නිසාවෙණි. මෙසේ දහම් ඇස විවෘත වූ පිරිස් ඔවුනොවුන් විසින් මෙම සදහම් පණිවිඩය අන්යටද ලබාදීමට නොපැකිලව උත්සුකවුයේ සියලු ලෝක සියලු සත්වයාහට ඇති දයානුකම්පාව හේතුකොටගෙනමය. මේ අන්දමින් සද්ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන පිරිස් නිතිපතා වැඩිවීම හේතුවෙන් ධර්මශාලාව අතුරුසිදුරු නොමැතිව පිරීඉතිරී යනු දුටු සැදැහැවතුන් ඔවුන්ගේම උවමනාව පරිදි අලුතෙන් ගොඩනැඟිලි ඉඳිකරන්නටත්, අලංකාර කරන්නටත්, සංවර්ධනය කරන්නටත්, පටන්ගත් අතර මේවනවිට මෙම පුණ්‍ය භුමිය ඉතාම අලංකාරව, බෞද්ධ සිද්ධස්ථානයක තිබියයුතු චෛත්‍යය රාජයාණන් වහන්සේ, බෝධින් වහන්සේ මෙන්ම බුදු මැඳුර යන සියලු අංගයන්ගෙන් සමන්විතව නිමවා අති අතර වන්දනාමාන සඳහා පැමිණෙන අතිවිශාල වූ බැතිමතුන් සඳහා අවශ්‍යවන පහසුකම්ද සලසා ඇත.
වහරක හිමිපාණන් විසින් බොදුනුවන්ගේ දහම් ඇස අවධි කිරීම හේතුවෙන් ඔවුන් විසින් කරනලද පුජාවන් ඤාණසම්ප්රයුක්ත්ව ත්‍රිහේතුක උත්කෘෂ්ඨව කරන ලද හෙයින් ඔවුන් හට ලෝකෝත්තර මෙන්ම ලෞකික සහනය ලබා ගැනීමේ අවස්ථාව හිමිවීම නිසාම මෙම පුණ්‍ය භූමිය කෙරෙහි පින්වතුන්ගේ ප්‍රසාදය දිනෙන්දිනම වර්ධනය වෙමින් පවතී.
සම්බුද්ධ ශාසනය ලොව පවතිනතක්කල් පවතිනු සඳහා සැදැහැවත් පින්වත් පිරිස් මෙම පුණ්‍ය භුමිය ඉඳිකරනු දුටු වහරක හිමිපාණෝ ඔවුන් සියලුදෙනාටම මෙන්ම සියලුලෝක සියලු සත්වයාහටද මහා දයානුකම්පාවකින් මෙත්සිතම පැතිරවූහ. සියලුලෝක සියලු සත්වයාහට මහා දයානුකම්පාවෙන් මෙත් සිත පතුරවමින් දහම් ඇස අවධි කරවීමට උපකාරීවන වහරක අභයරත්නාලංකාර හිමිපාණන්ගේ ඇති උතුම් ගුණසමුදාය දැකගන්ම සඳහා මෙන්ම දහම් අවබෝධය ලබාගැනීමටත් උන්වන්සේ පිටතින් නොවිමසා උන්වහන්සේවම විමසා දත යුතුය.
තථාගතයන් වහන්සේව පර්යේෂණය කරන ලෙසට බුදුපියාණන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණින් උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට දේශනා කරන ලද්දේය. “ විමංසක මහණ, තථාගතයාන්වහන්සේ සම්මා සම්බුද්ධ ද, නැද්ද යන්න පර්යෙෂණ කර දැනගන්න” ලෙස අප මහා බුදුපියාණන් වහන්සේ වදාළේ යථාර්තය අවබෝධ කර ගැනීමට ඇති ක්‍රමයක් එතුල ගැබ්ව ඇති බැවිනි. එනම් උන්වහන්සේ ගැන පරික්ෂා කරන නැණවතුන්ට උන්වහන්සේගේ කිසි ක්‍රියාවක අංශු මාත්‍ර වරදක් නොදකින වැවින් බුද්ධාලම්භන ප්‍රීතිය සමග සද්ධාව මුල් බැසගන්නා බැවිනි.

ඔබ වහන්සේගෙ කුඩා කාලය ගැන කිව්වොත්?
ඉපදුනේ 1950 ජූලි මාසෙ 10 වෙනිද. ගෝනගල්දෙනිය වහරක කියන්නෙ මේ ගමමයි. උපං ගමත් මෙහෙ. ඉපදුනේඉස්පිරිතාලෙක නෙමෙයි. අපේ මහ ගෙදර තියනකොට එහෙ තමයි උප්පත්තිය ලැබුවෙ. එතන පටං ගෙන මේ කාලෙ වෙනකං අවුරුදු 59 ක් විතර වෙනව.
මහණ වුනේ?
මහණ වෙලා දැං අවුරුදු 4ක් විතර වෙනව. ගිහිවතේ සෑහෙන කාලයක් ගතකලා. පොඩි කාලෙ ඉඳං ධර්ම මාර්ගය අනුගමනය කිරීම තමයි කරල තිබුනෙ. වැඩිපුරම තිබුනෙ ධර්ම පර්යේෂණ. ඒවායෙ ප්‍රතිඵලයක් වශයෙන් අවසාන මල් පල ගැන්වීමක් තමයි පැවිද්ද.
මීට කලින් මහණ වුනේ නැත්තෙ ?
ඒක ඉතිං නිගමනය කරන්න බෑ. දෛව තත්ත්වය කැරකෙන හැටි තමයි. අපිට ඒ බලාපොරොත්තු ඕන තරම් තිබුන. නමුත් ඒ බලාපොරොත්තු එකක් වත් ඒ ඒ කාලෙට ඉෂ්ඨ උනේ නෑ.
සමහර වෙලාවට ලෝක ස්වභාවය අත්දැකල හිටං යන ගමන තුල විශේෂයෙන් අවබෝධය ලැබෙනව. අන්න ඒක අත්දැකීම් සහිතයි. අත්දැකීම් රහිත අවබෝධය ලැබෙන්නෙ අන්න්ත සංසාරෙ එබඳු පාරමිතා ගුණ පුරපු අයටයි. ලොව්තුරා බුදුවරයන් වහන්සේලා ඒ තත්ත්වයට පත්වෙන්න මූලික අත්දැකීම් මේ ගිහි ජීවිතයෙ හුඟක් ලබලයි ගියෙ. සෑම බුදුවරයෙක්ම යන්නෙ එහෙම. අපි එතන කියනව නෙමෙයි නමුත් ඒකත් එක්තරා රටාවක්. මොකද අනුමාන වශයෙං අත්දැකීම් ගැන හිතනවට වැඩිය මේ ලෞකික ගිහි ජීවිතයෙ සැප සම්පත් කියන ඒවා, මේවයෙ ස්වභාවය, පවුල් ජීවිත වල ස්වභාවය තමන්ම භුක්ති විඳීම හොඳ ලස්සන අත්දැකීමක් වෙනව. ඒක අවබෝධයට හරි වැදගත් වෙනව. හේතු වාසනා තියෙන්නත් පුළුවන් හේතු කාරක තියෙන්නත් පුළුවන් ඒ අවස්ථාවට පත්වෙන්න.
ඔබ වහන්සේ මුලින්ම ධර්මයට නැඹුරු උනේ?
ඒ කාරනේ කියන්න අමාරුයි . ඉතාම කුඩා කාලයේ පටං තිබිච්ච පර්යේෂණ බලාපොරොත්තුවක් තිබුනා. බුදුරජානන් වහන්සේ දේශනා කරපු සත්‍යය ධර්මය මොකක්ද කියල හොයල ලෝකෙට දෙනව කියන අදහස. ඒක අවුරුදු හතර පහ තරම් ඉතාම කුඩා කාලෙ ඉඳන් තිබිච්ච දෙයක්. කෙනෙක්ගෙං අහල දැනගෙන උද්දාමයක් ඇතිවෙලාවත් උද්වේගයක් ඇති වෙලාවත් කරපු දෙයක් නෙමෙයි. ඒක ස්වභාවයෙන්ම ඇති වෙච්ච දෙයක්. සසර උරුමයක් හේතුව වෙන්න පුළුවන්.
සෝවාන් වෙන්න අවශ්‍යය සද්ධර්ම ශ්‍රවනය, කල්යාන මිත්‍ර සේවනය ආදිය ඔබ වහන්සේට ලැබුනේ?
ඒක හුඟක් ගැඹුරු ප්‍රශ්නයක්. දැං මෙහෙම කියන්න පුළුවං. බුදුරජානන් වහන්සේගේ මූලික ශ්‍රාවක පරම්පරාව ඉතා පිරිසිදුව ඉන්න කාලෙ යම්කිසි කෙනෙක් සෝවාන් උනා කියල අපි හිතමුකෝ දැනට අවුරුදු හාර පන්සීයකට ඉස්සෙල්ල. තව භව ගනනාවක් එයා එනවනෙ සසර ගමනෙ. ඒවාගෙ එන පිරිස් අදත් ඉන්නව. ඒ කියන්නෙ දැනට අවුරුදු හාරපන්සීයකට , හත් අටසීයකට ඉස්සෙල්ල හොඳට පිරිසිදු ධර්මය තියෙන අවස්ථාවක ධර්මය අවබෝධ කරගෙන එදා සෝතාපන්න වෙච්ච අය මේ කාම ලෝකෙ සැරි සරාගෙන තව කාලයක් යනව. තවම වැඩි කාලයක් නෑනෙ ඒ මූලික සුද්ධ පරපුර නැතිවෙලා.
ඒ කාලෙ එහෙම වෙච්ච පිරිස් අදත් බොහෝ කොට ඉන්නව. මේ ලංකාවෙමත් ඉපදිච්ච අය ඕන තරම්. එහෙම පිරිස් වලට කවදාවත් තව කෙනෙක්ගෙං ධර්මයක් අහල මූල ආරම්භ කරන්න අවශ්‍යය නැහැ. ඒක ලබලනෙ තියෙන්නෙ. පරප්‍රත්‍යය රහිතයි. අනුංගෙ ආධාරයක් අවශ්‍යය නැහැ. උඩ බලපුවහම ඉරහඳ පේනව වගේ යථා ධර්මය පේනව. අත්හැරී ගිය කොටස අත් හැරී ගියාමයි ආයෙ සැරයක් එන්නෙ නෑ.
ඒ නිසා උප්පත්තියෙ පටන්ම ඒ අයගෙ ඒ ගති ලක්ෂණ තියෙනව. ඒ පිරිස් වලට පුළුවන් තව ආධාරයක් නැතුව මේ කාලෙ ධර්ම අවබෝධය ලබාගන්න. එහෙම අය ඕන තරං ඉන්නව . යම්කිසි කෙනෙකුට දේශනා ශක්තියක් තියෙනවනං තමයි ඒ අහගත්තු දරාගත්තු දේ නැවත වාරයක් ලෝකෙට දෙන්න පුළුවං හැකියාව ලැබෙන්නෙ. වැඩිහරියක් ශ්රාවකයින්ට දේශනා ශක්තිය නෑ. තමන්ට අවබෝධය තියෙනව. ඉතිං එහෙම අය දූ දරුවො වශයෙං පොඩි අය වශයෙං තවත් සමාජයෙ ඉන්නව. ඒ ගොල්ලො පුංචි කාලෙ ඉඳංම හිංගි හිංසා කරන්න සත්ත්ව හිංසා කරන්න කැමති නෑ. හොර මැර වංචා කරන්න කැමති නෑ. හොඳ දැහැමි ජීවිතයක් ගතකරන්න කැමතියි. එහෙම ස්වභාවයක් තියෙනව.
අන්න එහෙම එකක් තමයි ලෝකෙ තියෙන්නනෙ. ඔය තුලින් තෝරගන්න ඕනෙ අපි යන්නෙ කොහොමද කියල.
ඔබ වහන්සේව මුන ගැහෙන්නෙ?
සෙනසුරාදයි පෝය දවසයි මාසෙ පෝය සහ පාලොස්වක කියන දවස් දෙකයි. අනිත් දවස්වල මගේ සමාධියට අයිති වැඩේ කරගන්නව. ඒක ට නිදහස අවශ්‍යයි. ඒකයි වෙන් කරල තියෙන්නෙ.
ඔබ වහන්සේ ලඟ කෙනෙකුට මහණ වෙන්න අවශ්‍යය නම්?
ලෝක සම්මතයක් තියෙනව පැවිදි වෙලා උපසම්පදා වෙලා අවුරුදු දහයක් යන්න ඕනෙ කියල කෙනෙක් පැවැදි කරන්න තමන්ට අවසර ගන්න . ඒ සම්මත කඩල අපිට කරන්න බෑ.. සම්මත බිඳීම ගැලපෙන්නෑනෙ.
වෙන තැනක මහණ වෙලා ආවොත්?
පුළුවං, ප්‍රතිපත්ති මාලාව විතරයි අවශ්‍යය වෙන්නෙ. තමන්ට නිදහස් තැනක ඉඳං ප්‍රතිපත්ති පුරාගන්න ඕනෙ. මම ඉතිං බාහිර වැඩිපුර පිරිස අරගෙන තව කරදර වැඩි කරගන්නෑ . ඒක මගෙ නිදහසට බාධයි. ඒ හින්ද මම තව කවුරුවත් බාහිර අය තියාගන්නෙ නෑ මේ කාලෙ වෙනකොට. ඉදිරි අනාගතයේදි ඒවාට සුදුසු පිරිසක් ඊට ගැලපිල කටයුතු කරගත්තොත් මට ප්‍රශ්නයක් නෑ . එහෙම පිරිසක් සකස් වෙලා, ඊට අවශ්‍යය තැනක සත්කාර කරන්න ඇප උපස්ථාන කරන්න පිරිසක් එහෙම ලෑස්තිවෙලා, ඉදිරි කාලෙ සකස් උනොත් අවවාදයක් අනුශාසනාවක් අපිට දෙන්න පුළුවන් ඒව කරගෙන යන්න.
දැනට අත්‍යාවශ්‍යයයෙන්ම ඒකට හිමි පිරිසක් ඉන්නව , ඒක විග්රහ කරල තේරුම් කරල දෙන්න අමාරුයි. ඒ සසරෙදි සම්බන්ධ වෙච්ච පිරිසක් . ඒ පිරිසට ඉන්න ඉඩ ඇරල ඒ අවස්ථාවෙන් මේ කටයුතු කරගෙන යනව.
අවශ්‍යය අයට අවශ්‍යය ධර්මය දෙනව ඉතිං ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. ඒ ධර්මය අහල තම තමන්ගෙ ගෙවල් වල ඉඳල හරි මේ ඵල ලබන්න පුළුවන්. ධ්‍යාන මාර්ගඵල ලබන්න පුළුවන් බව අත්දකින්න පුළුවන් බවට හේතු සාධක තියෙනව. ඒක ඉතිං කෙනෙකුට කියල ඔප්පු කරල පෙන්වන්න බෑ. ඒ ලැබූ අය තමයි ලැබූ තත්ත්වයන් දන්නෙ. තමංගෙ චිත්ත ශාන්තිය තමන්නෙ දකින්නෙ. කෙනෙකුට මේව විග්රහ කරල දෙන්න බෑ ඒකයි.
ඔබ වහන්සේ බණකට දානෙකට වඩම්මන්නේ?
ඒවට වඩින්නෙ නම් නෑ.