නිවන් මග
මෙලොවෙහි උපන් සැදැහැ ඇත්තේ ගුරුන් කරා එළඹෙයි
ගුරුන් කරා එළඹෙනුයේ උපාසන කෙරෙහි(සමීපයෙහි හිඳියි)
උපාසන කරනුයේ ඇසීමට කන්නතු කෙරෙයි
නතු කල කන් ඇත්තේ දහම් අසයි
අසා දහම් ප්‍රගුණ කොට දරයි
දැරූ ධර්මයන්ගේ අරුථය නුවණින් විමසයි
අරුත් විමසන්නා හට ධර්මයෝ වටහත්
ධර්මයන්ගේ වැටහීම ඇති කල්හි කත්තු කම්‍යතා කුසලච්ඡන්දය උපදී (නිවන් දැකීමට කළයුතු කිවයුතු දෙය කෙරෙහි ඇතිවන දැඩි කැමැත්ත)
උපන් කුසලච්ඡන්දය ඇත්තේ වැර වඩයි
වැර වඩා(අනිච්චයැ, දුක්ඛයැ, අනත්තයැයි) තුලනය කෙරෙයි
තිරණ ප්‍රඥායෙන් තුලනය කරනුයේ ප්‍රධන් වීර්ය කෙරෙයි
නිවනට මෙහෙය වූ සිත් ඇත්තේ නාමකයිකුදු පරම සත්‍ය කෙරෙයි
(නාමකාය සම්ප්‍රයුක්තවූ) මාර්ග ප්‍රඥායෙනුදු ඒ නිවනට ප්‍රතිවේධ කොට දකී
(කීටාගිරි සූත්‍රය – මජ්ජිම නිකාය 2 – 249 පිට)
කීටාගිරි සූත්‍රයහි මෙන්ම ත්‍රිපිටකයෙහි පෙන්වා දී ඇති අනෙකුත් සියලුම සූත්‍රයන්ට අනුව නිවන් මග යනු මෙයයි. සද්ධර්මය දන්නා කෙනෙකුගෙන් සද්ධර්මය අසා නුවණින් මෙනෙහි කර දහම් අනුදහම් පිළිවෙතෙහි යෙදී අනිච්ච දුක්ඛ අනත්ත යන්න අවබෝධ කර ගැනීමයි. මෙය සංයුක්ත නිකාය 5-2 හි දුතිය සාරිපුත්ත සූත්‍රයෙහි 147 පිටෙහිද පෙන්වා දී ඇත.
සෝවාන් වීමට නම් ධර්මය අසා දැනගත යුතුමය. එය ත්‍රිපිටක ධර්මයට අනුකූලව ඇති එකම මගයි. ධර්මය භාවනා කර තනිවම අවබෝධ කරගත හැකි වනුයේ පසේ බුදුවරුන්ට සහ සම්මා සම්බුදුවරුන්ටයි. අනෙකුත් සියලුම දෙනා ශ්රාවකයින්ය. එනම් ශ්‍රවනය කිරීම තුළින් සත්‍යාවබෝධය ලැබූ අයයි.
අද බොහෝ දෙනාගේ මතයට අනුව සෝවාන් වීම යනු ඉතා අපහසු මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගතයුතු දෙයක් ලෙස දකී.ඇත්තටම එය එසේ නොවේ. මෙම බුද්ධ ශාසනයේ සුනීත සෝපාක වැනි අයද නිවන් දැක්කේය. සෝතාපන්න ආර්ය ශ්රාවකයා යනු අහසින් ගමන් කරන ඉර්ධි බලඇති කිසිදු වරදක් සිදු නොකරන අයෙකු නොවේ. අප සමග ජීවත්වන බස්රථයේ එකට වාඩිවී යන, මග තොටේදී හමුවන, කුණු ට්‍රැක්ටරයේ වැඩකරන අය වූවද සෝතාපන්නයින් විය හැකිය. ධර්මයෙහි සඳහන් වන ආකාරයට කුක්කුට මිත්ත වැද්දාගේ බිරිඳ වයස අවුරුදු 7දී සෝවාන් වී ඇත. ඇය සිටුකුමරියක් නමුත් මස් වැද්දකු සමග පැනගොස් ළමයින් හදා වැද්දාට උදව් කරමින් සිට ඇත. සරකාණීය ශාක්‍යයා බේබද්දෙකි. ඔහු සෝවාන් වූවද සිය පුරුද්ද අත්හැරීමට නොහැකි විය. ඒ අනුව සෝතාපන්න ආර්ය ශ්රාවකයා යනුද සාමාන්‍ය චරිතයක් ගත කරන අය බවට අපට තීරණය කරගත හැකිය.
වැදගත්ම කාරණය වන්නේ සෝවාන් වීමට ඇසිය යුතු ධර්මය කුමක්ද යන්න තෝරා ගැනීමයි. ” නහි සීල වතං හෝතු උප්පජ්ජාය තථාගතා – අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා – ” යනුවෙන් පද පෙළක් අප විසින් ධර්මය තුළ පවත්වා ගෙන යයි. මින් කියැවෙන්නේ තථාගතයන් වහන්සේ ලොව පහළ වන්නේ අකුරු අටක් පද තුනක් ප්‍රකාශ කිරිමට බවයි. ශ්රාවකයා සිල් වතක පිහිටුවා කටයුතු කිරීමට තථාගතයන් වහන්සේ අවශ්‍ය නොවේ. බුදුන් ලොව පහළ වන විටද සීල සමාදාන, වත(ව්‍රතයන්) ලෝකයේ තිබී ඇත. එය මහාමාය දේවිය දුටු සිහිනයේ සිදුහත් කුමරා සුදු ඇත් පැටවකු සේ පැමිණ කුසට ඇතුළු වූවා ලෙස දුටු දිනයේ අටසිල් සමාදන්ව සිටියාය කියන ප්‍රකාශයෙන් සනාථ වේ. එසේ නම් අප විසින් සොයා බැලිය යුතු වන්නේ සියලු බුදුවරුන් විසින් දේශනා කරන්නාවූ අකුරු අට සහ පද තුනයි. එනම් අනිච්ච දුක්ඛ අනත්ත යන්නයි. බැඳි අකුරු ලෙස ගත්විට එය අකුරු අටකි පද තුනකි.
මෙම අකුරු තුනෙහි සැඟවුණූ දහම් අර්ථය කොපමණ පොත් බැලුවද ආර්ය නොවන කිසිවකුගෙන් අසා ගත්තද නොතේරෙයි.නිවන් දැකිය හැකි ආර්ය දහම් අර්ථය ආර්ය ශ්රාවකයෙකුගෙන්ම අසා දැනගත යුතුය. ආර්ය ශ්‍රාවකයකු සොයා ගැනීම මීළඟ කටයුත්ත වේ. අදවන විට සිටින්නාවූ ආර්ය මහා සංඝරත්නය අතර අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමිපාණන්ද උතුම් ආර්ය ශ්‍රාවකයන් වහන්සේනමක් යන්න අපගේ වැටහීමයි. මුලින් පෙන්වා දී ඇති කීටාගිරි සූත්‍රයෙහි ආකාරයට සැදැහැ ඇත්තෙකුට ගුරුන් කරා එළඹ ඇසීමට කන් නතුකර දහම් අසා ප්‍රගුණ කොට දරා නුවණින් මෙනෙහි කර ආර්ය මාර්ගයට එළඹිය හැකි වන්නේය.
සමහර පිරිස් ඉහතකී ගාථාවේ අකුරු අට සහ පදතුන පමනද බුදුදහම යයි මුලාවනිසා හාස්‍යයට ලක්කරති. නිවන් අවබෝදයට හේතුවන ධර්මස්කන්ද අසූහාරදහසක් ඇසුරුකරගෙනයි බුද්ධ දේශනාව සාදුවන්නේ. මේ ධර්මස්කන්ද අසූහාර දහස තුලින්ම එකම නිවන් ශාන්තියට පැමිනීමට පාර සැදෙන්නේ මේ අනිච්ච, දුක්ඛ, අනත්ත යන පූර්ව
භාගනුවන ඇතිකරන මග තුලිනි. ඒබැවින් අසූහාර දහසක් ධර්මස්කන්දය තුලම ගැබ්වන අකුරු අට සහ පදතුන සුලුවෙන් හෑල්ලුවට ලක්කිරීම යමෙක් කරන්නේනම් ඊටත්වඩා අමනක්රියාවක් නැත.