සත්‍ය ගවේෂණය කරන සුදම්පායේ අපේ හාමුදුරුවෝ
බොකුන්දර කුසලධම්ම හිමිපාණන්
කාලයාගේ ඇවෑමෙන් බුදු සමය තුලට ආදේශ වී තිබෙන ඇදහිලි පාදක කොට ගත් නොයෙකුත් පුද පුජා වලට පමණක් බෞද්ධ ජනතාව බහුල වශයෙන් යොමු වී සිටී. බුදුන් වහන්සේ විසින් පැවිදි උතුමන්ටත් ගිහිභවතුන්ටත් දුකින් මිදීම සදහා දේශනා කොට ඇත්තේ එකම මගක් පමණි. එය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුද්ගලික භක්තියක් ඇතිකොට ගෙන කරනු ලබන බුද්ධ පුජා, බෝධි පුජා, ධාතු පුජා, අටවිසි බුද්ධ පුජා, සත් බුදු පුජා, තෙසැත්තෑ ඥාන පුජා යන මේ කිසිවක් ආර්යය මාර්ගයට ගවු ගානක්වත් සම්බන්ධයක් නැත. බෞද්ධ ජනතාවගේ සසර ගමන දික් කිරීම පිණිස පිළියෙළ කොට ඇති මෙම පුද පුජා අයත් වන්නේ දස සංයෝජන වල තුන් වැනි සංයෝජනය වූ සීල්බ්භථ පරාමාස වලටය.
මේවායෙන් බෞද්ධ ජනතාව ගලවා ගැනීම සුදම්පාය ධර්මායතනයේ එකම අරමුණකි.
ඉතින් අපි බලමු මේ සාදුකාරයෙ ඇති වටිනාකම, ඇයි අපි සාදු කාර දෙන්නෙ, කුමන යාථාර්තයක්ද මේ සාදු කාරයෙ තියෙන්නෙ කියලා. ඊට කලින් බලන්න වෙනවා අපි සාදු කාර දෙන්නෙ කාටද කියලා, මොන වෙලාවකදි කියලා. කාටද කියලා බැලූවාම පෙනෙනවා බුදුපියාණන් වහන්සේගෙන් පටන් ගෙන සුපටිපන්න ආදි ගුණ ඇති සංඝයා වහන්සේට සහ උන්වහන්සේලා වෙනුවෙන් කරන පූජෝපහාර වලදි තමයි අපි සාදු කාර දෙන්නෙ. එතකොට හොඳින්ම පෙනෙනවා අපි මේ සාදුකාර දෙන්න ගුණවත් උතුමන්ට හෝ උන්වහන්සේලා උදෙසා කරන පුජෝපහාර අනුමෝදන් වීමටයි කියලා. කෙටියෙන් කියනවා නම් ගුණයක් මුල් කරගෙන කරන ඉතාමත් වටිනා කාර්යයකට කියලා.
ඉතින් අපි සාදු කාර තුනක් දෙන්නෙ ඇයි ? සහ දිගට ඇදලා හතරවෙනි වතාවටත් සාදු කියන්නෙ ඇයි ?
* කායේන සංවරෝ සාධු
* සාධු වාචාය සංවරෝ
* මනසා සංවරෝ සාධු
* සාධු සබ්බත්ත සංවරෝ
පලමු සාදුකාරය කුමක් සඳහාද….”කායේන සංවරෝ සාධූ” . කයින් සංවර වීම සුහද ගුණයක්, සාධු ගුණයක්. “සාධු වාචාය සංවරෝ” වචනයෙන් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්. ඒවාගේම “මනසා සංවරෝ සාධූ” මනසින් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්.”සාධු සබ්බත්ත සංවරෝ” අන්න අර හතර වෙනියට ඇදල දුන්නු සාධුකාරය. සියලු ආකාරයෙන්ම සංවර වීම සාධු ගුණයක්. මෙන්න මේ ටික තමයි අපි ඉස්සෙල්ලාම කියන්න පටන් ගත්තේ ශාසන මාර්ගයට බහින කොටම. කුමක්ද කයින් සංවර වෙනවා කියන්නේ. මොනවද කයින් කෙරෙන දුසිරිත්. ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යචාරය කියන මේ කාරණා තුනකින් පෙන්වා දි තිබෙනවා. මෙන්න මේවායින් වැලකිලා ඉන්නව නම් කයින් සංවර භාවයට පත් වුනා. අන්න පළමු සාදුකාරය දෙන කොට මේ ගුණය මතක් වෙන්න ඕන. තමන් ලඟත් මේ ගුණය තියෙනව නම් තමා කෙරෙහිද සාදු කාරයක් දීගන්න පුළුවන් ඒවගේම බාහිරෙන් මේ ගුණය පෙනෙන්න තියෙන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස උදේසා සාදුකාරයක් දෙන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමට , ගුණ සංකේතවත් කිරීමට ප්‍රතිමා වහන්සේ, බෝධිරාජයාණන් වහන්සේ, එබඳු වන්නා වූ ප්රණ ඝාතයන් නොකෙරන ප්‍රදේශයක්, සොරකමක්, කාමමිත්‍යචාරය නොකරන ප්‍රදේශයකට ගිහාම සාධු ගුණය තියෙන ප්‍රදේශයක් කියන ගුණය මතක් වුනාම සාදු කාරය හිතට එන්න ඕනෙ. මෙන්න මේක තමයි පෙර කාලයේ සාදුකාරයක් නැගෙන්න හේතුව.
දෙවෙනි සාදු කාරය අරගෙන බලමු, ”සාධු වාචාය සංවරෝ”. වචනයෙන් සංවර වීම සාධු ගුණයක්. කොහොමද ඒ ගුණය ඇති කර ගන්නෙ, මුසාවාදයෙන් වෙන් වුනාම, පිසුනාවාචාවෙන් වෙන් වුනා නම්, පරුෂාවාචාවෙන් වෙන් වුනා නම්, සම්ප්‍රපලාපයෙන් වෙන් වුනා නම්, අන්න වචනයෙන් සංවරයි, වචනය සුචරිතයි, ඒ ගුණය යම් තැනක දැක්කා නම් දෙවෙනි සාදුකාරය මතක් වෙනවා. දෙවෙනි සාධුකාරය දෙන්න සුදුසු තැනක් දකින්න ලැබෙනවා.
තුන්වෙනි සාධුකාරය මොකක්ද “මනසා සංවරෝ සාධූ”. මනසින් සංවර වීම සාධු ගුණයක්. කොහොමද මනසින් සංවර වෙන්නේ. අභිජ්ජා, ව්‍යාපාද, මිතය්‍යාදෘෂ්ඨි කියන මනසින් සිද්ධ වෙන පාප තුනක් තියෙනවා. අසංවරතාවන්, දුෂ්චරිතතාවයන් තුනක්. මෙන්න මේ කියන තුන දැන ගෙන ඇලිමෙන් , ගැටීමෙන් අයින් වෙලා ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් වෙන් වුනු කෙනෙක්ගෙ චිත්ත පාරිශුද්ධිය නැගිලා හිතේ සංවරත්වය හට ගන්නවා. අන්න මනසින් සංවරත්වය හට ගත්තහම ඒක සාධු ගුණයක්.
එහෙනම් තමා තුල හෝ අන් අයෙක් තුල හෝ, ඊට ගැලපෙන ප්‍රදේශයක් දැකලා එවැනි ගුණයක් දැක්කා නම් මෙන්න මෙතනදි තුන් වන සාධුකාරය මතුවෙනවා. කයෙන් , වචනයෙන්, මනසින් යන තුනෙන්ම සංවර තැනක් දැක්කාම “සාධු සබ්බත්ත සංවරෝ” කියල සියලු ආකාරයෙන් සංවරත්වය නිසා සාදු කියනව කියල හතරවෙනි සාදු කාරය දුන්නා. ඉතින් මේ සාදු කාර හතර දුන්නේ ඔය කියන්නා වූ ගුණ තේරුම් අරගෙන. දස අකුසලයෙන් වෙන් වුනා වූ සුචරිතය තේරුම් අරගෙන, අන්න ඒ සුචරිතගාමී ගුණය මේකයි කියල දැක්කා නම් මෙන්න මේ දැකීම ඔප්නංවන්න තමයි අපි මේ සාදු කාර තුනක් දුන්නේ. හතරවෙනි සාධුකාරයක් දීල සියලු ආකාරයෙන් සංවරයි කියල චිත්තප්‍රසාදයක් ඇති කරගත්තා.
එහෙනම් යථාර්තවත් ශ්‍රද්ධාවක් ඇති වෙලා, පැහැදීමක් ඇති වෙන්න නම් ගුණ දැක පැහැදෙන්න ඕනෙ. එහෙනම් අපි බුදුගුණ දකින්නේ, ඉස්සෙල්ලාම මෙන්න මේ දස අකුසලයෙන් වෙන් වීම සුචරිතයක් කියල තේරුම් අරගෙන. එහෙනම් සාධු කියල විතරක් මදි. සාධු ගුණයට පත් වෙන්න ඕනෙ.
එහෙනම් අපිට තේරුම් ගන්න දෙයක් තියෙනවා, ඕන එකටයි එපා එකටයි කිසිම තේරුම්ක් නැතුව “සාදු ! සාදු !! සාදු !!!” කියන්නේ නැතුව ගුණයක් දැකලා ගුණයක පිහිටලා දෙන සාදු කාරයේ වටිනාකම.
වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින්!!!
What Buddha said about Offering.......
The things that are saved from a house which is on fire could be used later. The things that were not saved, would burn and become useless. Similarly, get rid of your wealth as offerings in a world which is on fire with suffering and death. What you offered are like the saved goods from a burning house.
They would bring you happiness & comfort. What is not given would never expand, but die away. They would be either robbed by the thieves or taken by the king; be burnt or perished. What is left along with the self too would have to be abandoned at death. The wise men who know this enjoy their wealth as well as make offerings out of it.
‘පින’ හෙවත් ‘පුණ්‍ය’ යනු සිත කය වචනය තුළින් කැරෙන යහපත් ක්‍රියාය. එම හොඳ කටයුතු කරන විට ඒ පුද්ගලයා සම්පත් ලබන්නෙක් වෙනවා. විස්තර සහිතව පවසන විට දාන, සීල භාවනා පින්දීම පින් අනුමෝදනාව, බණ ඇසීම, බණ දෙසිම, පිදිය යුත්තන් පිදීම, වතාවත් කිරීම, දෘෂ්ටිය සෘජුකරන කටයුතු ලෙස දහයකට බෙදේ. මේවා දස පුණ්‍ය ක්‍රියාය.
මීළඟට අපි දැනගත යුත්තේ කුසල යනු කුමක් ද? එහි පිනට වඩා වෙනසක් තිබේ ද? යන්නයි.
කුසල් යනු යම් පාප ක්‍රියාවක් සිදු නොවන ස්වභාවයේ පිරිසුදු මනසක් සකස් වීමයි. එනම් අභ්‍යයන්තරයේ තිබෙන ලෝභ, ද්වේශ, මෝහ දවා හැරීම, දුරු කර හැරීමයි. අලෝභය, අද්වේශය, අමෝහය, පර පණ නැසීමෙන් වෙන් වීම, අදත්තාදානයෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම, බොරුවෙන් වෙන්වීම,කේළමෙන් වෙන්වීම, පරුෂ වචනයෙන් වෙන් වීම, සම්ප්‍රපලාපයෙන් වෙන් වීම යනු දස කුසල් වේ. මෙසේ කුසලය කැටි කර කොටස් තුනකින් ද, විස්තර සහිතව කොටස් දහයකින් ද විස්තර කිරිමට පුලුවන්. පාපයෙන් වෙන් වීමම කුසල් කියන බව මෙසේ දැන ගත යුතුය.
හැබැයි පින් කරන පුද්ගලයෙක් ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව කටයුතු කලා නම් ඔහු කල ඒ පිනෙන් කවදාවත් ඔහුව සුගතියක යවන්න හේතු නැහැ. නමුත් උපන් උපන් තැන අදාල සම්පත් බුක්ති විදින්නට හේතු තිබෙනවා.
අපි දැන් හිතමු දානපතියෙක් ඉන්නවා දුගී මගී යාචක ආදි පුද්ගලයන්ට දන් දෙනවා, උදව් උපකාර කරනවා. හැබැයි අනිත් පැත්තෙන් ගෙදර වැඩට ඉන්න වැඩකාරිටවත් ඉන්න දෙන්නේ නෑ. ඇතුලෙන් කරන්නේ බලු වැඩ. රාග, මෝහ දුශ්චරිතයෙන් කරන කටයුතු වලිනුයි අභයන්තරය හැදිලා තියෙන්නේ. මේ කරපු බලු වැඩ නිසා ඔහු උපදිනවා බල්ලෙක් වෙලා. හැබැයි කෝටිපතියෙකුගේ මාලිගාවක. දීපු දානයේ පින කොට්ට, මෙට්ට උඩ ඉදන් විදවනවා. විශේෂ කෑම බීම, බෙහෙත් ආදි.. සාමාන්‍ය මිනිහෙකුටත් නැති සැප සම්පත්තියක් බුක්ති විදිනවා. පින් කරලා මහත් සැප සම්පත්තියකට උරුමකම් ලබපු අතර අකුසලයෙන් තිරිසන් උප්පත්තියකට උරුමකම් ලැබුවා.
එතකොට නිවන් මගට යොමුවන සමහර අයගෙ තියෙන දෘෂ්ඨියක් තමයි .. පින නිවන් මගට බාධාවක් අපි කුසල් විතරයි රැස්කරන්න ඕන, පින් කෙරුවොත් මේ සසර ගමන ඇති වෙනවා, ඒ හින්දා පින් නොකර කුසල් කර ගන්න ඕනෙ, භාවනා කරන්න ඕනෙ, ප්‍රතිපත්ති රකින්න ඕනෙ කියල හිතලා… කටයුතු කරනවා. ඒ..ක සුගතියේ උපදින්න හේතු වෙනවා. හැබැයි දිව්‍ය ලෝකයක ඉපදුනත් අල්පශාක්ය දෙවියෙක් වෙනවා. ඔහුට සම්පත් හිගයි. මිනිහෙක් වෙලා උපන්නොත් හොද නුවන ඇතිව උපදිනවා. හැබැයි එදා වේල කන්නෙත් බොහොම අමාරුවෙන්.
එහෙනම් කුසලය සුගතියටත්, අකුසලය දුගතියටත් හේතු වෙනවා. සුගතියේ හෝ දුගතියේ සැප සම්පත් විදීමට කරපු පින් හේතු වෙනවා. ආයුෂ, වර්ණ, සැප, බල, නුවණ ගෙන දෙන ඥාණසම්ප්‍රයුක්තව කරන පින් දහම්, ඒ කිව්වේ යම් කිසි පුද්ගලයෙක් පිනක් කරන මොහොතක එයා අලෝභයෙන් අද්වේශයෙන් අමෝහයෙන් යුක්තව කලා නම් එයාට පිනයි, කුසලයි දෙකම එකට හම්බවෙනවා. එතකොට ඒ ගුණයෙන් උපන්නොත් එහෙම සුගතියක උප්පත්තිය ලබලා අසීමිත සම්පතකටත් හිමිකමත් ලැබෙනවා. දස කුසලයෙන් ජීවත් වෙලා ධර්මානුකූලව කටයුතු කරන කෙනා පිනක් කරලා පැතුමක් පැතුවා නම් එය ඉටු වෙනවා කියල බුදු රජාණන් වසන්සේ දේශණා කර තිබෙනවා.
බුද්ධ දේශනාවේ තියෙන්නේ.. පින් කරන්න බය වෙන්න එපා.. පින කවදාවත් ආර්ය මාර්ගයට බාධාවක් වෙන්නෙ නැහැ කියලයි. සීවලි මහරහතන් වහන්සේගෙ ලැබීම කවදාවත් උන්වහසේගෙ විමුක්තියට බාධාවක් වුණේ නැහැ.
“ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට“
Supreme Qualities of the Buddha ....
THE VIRTUES OF THE BUDDHA
Firstly, we must understand that our great teacher was an “Arahant”. An
Arahant is one who has eradicated all bad conditions of the mind, which
include: passion, lust, desire, hatred, ill will, delusion, and all other
defilements of the mind. There should be an unshakeable confidence about
that quality or our Great Teacher. That unshakeable confidence if developed
by knowing that in this world, and throughout all worlds, there is no other
teacher with this Arahant quality.
This second quality of our Teacher if “Samma Sambuddho”. Samma Sambuddho means that our
Great Teacher understood the Four Noble Truths without anyone’s help. So our Great Teacher is
really the one and only Teacher. What is the significance of the Four Noble Truths? These Truths
explain the realities of life. Our Great Teacher understood the realities of life, without anyone’s
help. By knowing this, we can establish an unshakeable confidence based on this second quality.
The third quality is “Vijjacaranasampanno”. Vijja means ‘true knowledge’. There are three kinds of
knowledge. Firstly, the Supreme Buddha, our great teacher had knowledge of the past lives of
beings. Through this knowledge the Supreme Buddha knew that this is a long journey through
samsara (the cycle of birth and death). The second knowledge our Great Teacher had was passing
away and the reappearing of beings. There should be a confidence based on both these kinds of
knowledge. Because of that knowledge, we can be sure that if we do not try to achieve the Stream
Entrant stage in this life, our next destination will not be a good one. The third knowledge that the
Supreme Buddha had was knowledge of the destruction of all taints (the destruction of all
defilements. So, with this true knowledge, our Great Teacher had excellent virtue, excellent
concentration, excellent wisdom, and excellent liberation. And that is called vijjacaranasampanno
– the one and only Teacher in this world.
The fourth quality is sugata. Su means ‘the correct path’. Gatha means ‘followed’. Therefore,
sugata means ‘following the correct path’. Supreme Buddha followed the best path, the Noble
Eight fold Path, and achieved the bliss of Nibbanna (ultimate liberation).
The fifth quality is “Lokavidu”. Lokuvida means ‘knower of the worlds’. It is one who understands
the origin of all worlds, understands the cessation of all worlds, and understands how to escape
from all the worlds.
(6) The Guide Unsurpassed of men to be tamed, (Anuttaro purisadammasarathi)
The sixth quality is “ Anuttara Purisa-dammasarathi”. Anuttara means
‘excellent’. It means ‘exalted’, there is no one else. Purisa-dammasarathi
means ‘Buddha is the Teacher of the people to be tamed’. What is the way of
taming? The Supreme Buddha’s way of taming is with virtue, concentration
and wisdom, and without any weapons. Even today, we are tamed by those
great qualities. We are following the Path of virtue (precepts and good
discipline), we are following the Path of concentration, and we are following
the path of wisdom.
The seventh quality is “Sattha devamanussanam”. Sattha devamanussanam means ‘the Teacher of
gods and humans´. We have to clearly understand that our Great Teacher is not only the Teacher
of humans, but also the Teacher of gods. If we are able to achieve the Stream Entrant stage in this
very life, Supreme Buddha explained that we will be re-born in the heavenly world. The Dhamma,
the Teachings of the Buddha, exists in the heavenly worlds.
The eight quality is “Buddha”. Buddha means ‘one who has understood the Four Noble Truths
without anyone’s help, and is able to proclaim the Dhamma to others’. Buddha means one who
teaches without holding anything back; with great compassion and with great loving kindness, so
that others may understand the Four Noble Truths and achieve real happiness.
The ninth quality is “Bhagava”. Bhagava means ‘the blessed one’. This means that our Great
Teacher, is the one and only teacher who held all these qualities. These are the great qualities of
the Supreme Buddha. Because of these qualities, we can develop an unshakeable confidence in
the Supreme Buddha.
It means mindfulness with the Buddha’s special qualities or virtues of the Buddha as the meditation subject.
In pali,
Itipi so bhagava---------The Buddha , indeed, is the Blessed one
Minds of Death
A virtuous mind at death is like water – it nourishes the virtuous potentialities that remain like dry seeds within our field-like consciousness. The minds we have when we are dying are of two types, gross and subtle. Whereas the gross minds of death can be virtuous, non-virtuous, or neutral, for ordinary beings the subtle minds of death are only neutral. When we are dying, if our last gross mind is virtuous it will cause the good potentialities carried in our mind to ripen as a virtuous mental action that will lead us directly to higher rebirth as a human or a god. A virtuous mind at death is like water – it nourishes the virtuous potentialities that remain like dry seeds within our field-like consciousness. If two kinds of seed, barley seeds and wheat seeds, are sown in a field, but only the wheat seeds are watered, these will be certain to ripen first. In a similar way, while we still carry both virtuous and non-virtuous potentialities within our mind, a virtuous mind at the time of death will ensure that our virtuous potentialities are the ones that will ripen. This holds even if we have led an immoral life and committed many non-virtuous actions. However, we do not thereby escape the effects of all our non-virtuous deeds. If we take a human rebirth our life may be afflicted with great suffering or our life span may be short. If we do not purify our negative karma we shall eventually experience the fully ripened effect of our actions by taking rebirth in the lower realms.
නිවන් මග
ගුරුන් කරා එළඹෙනුයේ උපාසන කෙරෙහි(සමීපයෙහි හිඳියි)
උපාසන කරනුයේ ඇසීමට කන්නතු කෙරෙයි
නතු කල කන් ඇත්තේ දහම් අසයි
අසා දහම් ප්‍රගුණ කොට දරයි
දැරූ ධර්මයන්ගේ අරුථය නුවණින් විමසයි
අරුත් විමසන්නා හට ධර්මයෝ වටහත්
ධර්මයන්ගේ වැටහීම ඇති කල්හි කත්තු කම්‍යතා කුසලච්ඡන්දය උපදී (නිවන් දැකීමට කළයුතු කිවයුතු දෙය කෙරෙහි ඇතිවන දැඩි කැමැත්ත)
උපන් කුසලච්ඡන්දය ඇත්තේ වැර වඩයි
වැර වඩා(අනිච්චයැ, දුක්ඛයැ, අනත්තයැයි) තුලනය කෙරෙයි
තිරණ ප්‍රඥායෙන් තුලනය කරනුයේ ප්‍රධන් වීර්ය කෙරෙයි
නිවනට මෙහෙය වූ සිත් ඇත්තේ නාමකයිකුදු පරම සත්‍ය කෙරෙයි
(නාමකාය සම්ප්‍රයුක්තවූ) මාර්ග ප්‍රඥායෙනුදු ඒ නිවනට ප්‍රතිවේධ කොට දකී
(කීටාගිරි සූත්‍රය – මජ්ජිම නිකාය 2 – 249 පිට)
කීටාගිරි සූත්‍රයහි මෙන්ම ත්‍රිපිටකයෙහි පෙන්වා දී ඇති අනෙකුත් සියලුම සූත්‍රයන්ට අනුව නිවන් මග යනු මෙයයි. සද්ධර්මය දන්නා කෙනෙකුගෙන් සද්ධර්මය අසා නුවණින් මෙනෙහි කර දහම් අනුදහම් පිළිවෙතෙහි යෙදී අනිච්ච දුක්ඛ අනත්ත යන්න අවබෝධ කර ගැනීමයි. මෙය සංයුක්ත නිකාය 5-2 හි දුතිය සාරිපුත්ත සූත්‍රයෙහි 147 පිටෙහිද පෙන්වා දී ඇත.
සෝවාන් වීමට නම් ධර්මය අසා දැනගත යුතුමය. එය ත්‍රිපිටක ධර්මයට අනුකූලව ඇති එකම මගයි. ධර්මය භාවනා කර තනිවම අවබෝධ කරගත හැකි වනුයේ පසේ බුදුවරුන්ට සහ සම්මා සම්බුදුවරුන්ටයි. අනෙකුත් සියලුම දෙනා ශ්රාවකයින්ය. එනම් ශ්‍රවනය කිරීම තුළින් සත්‍යාවබෝධය ලැබූ අයයි.
අද බොහෝ දෙනාගේ මතයට අනුව සෝවාන් වීම යනු ඉතා අපහසු මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගතයුතු දෙයක් ලෙස දකී.ඇත්තටම එය එසේ නොවේ. මෙම බුද්ධ ශාසනයේ සුනීත සෝපාක වැනි අයද නිවන් දැක්කේය. සෝතාපන්න ආර්ය ශ්රාවකයා යනු අහසින් ගමන් කරන ඉර්ධි බලඇති කිසිදු වරදක් සිදු නොකරන අයෙකු නොවේ. අප සමග ජීවත්වන බස්රථයේ එකට වාඩිවී යන, මග තොටේදී හමුවන, කුණු ට්‍රැක්ටරයේ වැඩකරන අය වූවද සෝතාපන්නයින් විය හැකිය. ධර්මයෙහි සඳහන් වන ආකාරයට කුක්කුට මිත්ත වැද්දාගේ බිරිඳ වයස අවුරුදු 7දී සෝවාන් වී ඇත. ඇය සිටුකුමරියක් නමුත් මස් වැද්දකු සමග පැනගොස් ළමයින් හදා වැද්දාට උදව් කරමින් සිට ඇත. සරකාණීය ශාක්‍යයා බේබද්දෙකි. ඔහු සෝවාන් වූවද සිය පුරුද්ද අත්හැරීමට නොහැකි විය. ඒ අනුව සෝතාපන්න ආර්ය ශ්රාවකයා යනුද සාමාන්‍ය චරිතයක් ගත කරන අය බවට අපට තීරණය කරගත හැකිය.
වැදගත්ම කාරණය වන්නේ සෝවාන් වීමට ඇසිය යුතු ධර්මය කුමක්ද යන්න තෝරා ගැනීමයි. ” නහි සීල වතං හෝතු උප්පජ්ජාය තථාගතා – අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා – ” යනුවෙන් පද පෙළක් අප විසින් ධර්මය තුළ පවත්වා ගෙන යයි. මින් කියැවෙන්නේ තථාගතයන් වහන්සේ ලොව පහළ වන්නේ අකුරු අටක් පද තුනක් ප්‍රකාශ කිරිමට බවයි. ශ්රාවකයා සිල් වතක පිහිටුවා කටයුතු කිරීමට තථාගතයන් වහන්සේ අවශ්‍ය නොවේ. බුදුන් ලොව පහළ වන විටද සීල සමාදාන, වත(ව්‍රතයන්) ලෝකයේ තිබී ඇත. එය මහාමාය දේවිය දුටු සිහිනයේ සිදුහත් කුමරා සුදු ඇත් පැටවකු සේ පැමිණ කුසට ඇතුළු වූවා ලෙස දුටු දිනයේ අටසිල් සමාදන්ව සිටියාය කියන ප්‍රකාශයෙන් සනාථ වේ. එසේ නම් අප විසින් සොයා බැලිය යුතු වන්නේ සියලු බුදුවරුන් විසින් දේශනා කරන්නාවූ අකුරු අට සහ පද තුනයි. එනම් අනිච්ච දුක්ඛ අනත්ත යන්නයි. බැඳි අකුරු ලෙස ගත්විට එය අකුරු අටකි පද තුනකි.
මෙම අකුරු තුනෙහි සැඟවුණූ දහම් අර්ථය කොපමණ පොත් බැලුවද ආර්ය නොවන කිසිවකුගෙන් අසා ගත්තද නොතේරෙයි.නිවන් දැකිය හැකි ආර්ය දහම් අර්ථය ආර්ය ශ්රාවකයෙකුගෙන්ම අසා දැනගත යුතුය. ආර්ය ශ්‍රාවකයකු සොයා ගැනීම මීළඟ කටයුත්ත වේ. අදවන විට සිටින්නාවූ ආර්ය මහා සංඝරත්නය අතර අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමිපාණන්ද උතුම් ආර්ය ශ්‍රාවකයන් වහන්සේනමක් යන්න අපගේ වැටහීමයි. මුලින් පෙන්වා දී ඇති කීටාගිරි සූත්‍රයෙහි ආකාරයට සැදැහැ ඇත්තෙකුට ගුරුන් කරා එළඹ ඇසීමට කන් නතුකර දහම් අසා ප්‍රගුණ කොට දරා නුවණින් මෙනෙහි කර ආර්ය මාර්ගයට එළඹිය හැකි වන්නේය.
සමහර පිරිස් ඉහතකී ගාථාවේ අකුරු අට සහ පදතුන පමනද බුදුදහම යයි මුලාවනිසා හාස්‍යයට ලක්කරති. නිවන් අවබෝදයට හේතුවන ධර්මස්කන්ද අසූහාරදහසක් ඇසුරුකරගෙනයි බුද්ධ දේශනාව සාදුවන්නේ. මේ ධර්මස්කන්ද අසූහාර දහස තුලින්ම එකම නිවන් ශාන්තියට පැමිනීමට පාර සැදෙන්නේ මේ අනිච්ච, දුක්ඛ, අනත්ත යන පූර්ව
භාගනුවන ඇතිකරන මග තුලිනි. ඒබැවින් අසූහාර දහසක් ධර්මස්කන්දය තුලම ගැබ්වන අකුරු අට සහ පදතුන සුලුවෙන් හෑල්ලුවට ලක්කිරීම යමෙක් කරන්නේනම් ඊටත්වඩා අමනක්රියාවක් නැත.
Our Last Mind
To cement your inner bond and hold your center in any situation, I recommend a daily practice of meditation where you focus on the spirit within. Doing so gets you into the habit of connecting with yourself. Start with a few minutes, then gradually increase the duration.
The technique is simple: follow your breath and explore the silence. It is not void or empty; that’s the mystery. As thoughts come, and they will, continue to refocus on your breath. Every inhalation. Every exhalation. The spaces between thoughts are where your spirit waits to be discovered. There is something real in there worth finding.
My spirit feels like a core of head-to-toe warmth vertically aligned though the center of my body. Imbued in the warmth itself is an intelligence and intuitive responsiveness to my rhythms and questions. It speaks only truth, which resonates like a chiming in every cell. Silently become acquainted with your spirit. You can return to it to reinforce who you really are–not just the self you present to the world, but that part of you that is timeless. Make room to pursue it.
සෝතාපන්න වීමත් සමග ඇතිවන වෙනස්කම්....
පබස්සර මිදං භික්ඛවේ චිත්තං ආරම්මන විජානන ලක්ඛණං චිත්තං….
ආදී වශයෙන් විග්රහ කරල තියෙනවා. ආරම්මන විජානන ලක්ඛණං යන්නෙහි තේරුම, අරමුණු විවිධාකාරයෙන් දැනගැනීමේ ලක්ෂණ යන්නයි. එය විස්තර කරන විට එම ලක්ෂණය දරන්නා කවුද? ඒ මනසයි. එහෙනම් චිත්ත යන්න මනසෙහි මූල ලක්ෂණයක් හෙවත් ස්වභාවයක් විය යුතුයි. මෙය ඉතා පිරිසිදු ලක්ෂණයක්. උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු. මනස යන්න මුහුණේ ඡායාව වැටී ඇති කැඩපතකට සම කළොත්, එහි මුහුණ දැකීමේ ලක්ෂණය ඇති කැඩපත චිත්ත වශයෙන් පෙන්නුම් කළ හැකියි. කැඩපත එසේම තිබියදී මුහුණ දැකීමේ ලක්ෂණය කිළිටි කළ හැකියි. උදාහරණයක් වශයෙන් කැඩපත මත දූවිලි තැවරුවොත්, දූවිලිවලින් කිළිටි ගැන්නුවොත් එය ඉදිරියට ගිය විට මුහුණ දැකීමේ ලක්ෂණය අඩු වී ඇති බව පේනවා. මේ ආකාරයට තමයි, චිත්ත කියන එක විඤ්ඤාණ දක්වා යනකොට කිළිටි වන්නේ. මේ කිළිටි වීම පියවරෙන් පියවර විමසා බලමු.
චිත්ත ළඟට ඇත්තේ මනෝය. මනෝ වශයෙන් හඳුන්වන්නේ යම් වස්තුවක් ඉන්ද්‍රියක ගැටුණු විට එය මැන බලා ගැනීමයි. උදාහරණ ලෙස අපි පොල් ගසක් දෙස බලන විට පොල් ගසේ මුල ප්‍රදේශය දකින විට අග ප්‍රදේශය පේන්නෙ නෑ. මැද ප්‍රදේශය දකින විට අග මුල පේන්නෙ නෑ. අග ප්‍රදේශය දකින විට මුල මැද පේන්නෙ නෑ. එහෙනම් අපි පොල් ගසක් දකින විට කොටස් තුනක් වශයෙන් වෙන් කළොත් පළවෙනි කොටස අපි මැන ගත්තා. ඊළඟට දෙවන කොටසත් අපි මැන ගන්නවා. ඉන්පසු තුන්වන කොටසත් මැන ගන්නවා. මේ කොටස් තුන මැනගෙන මේවා එකතු කරනවා. මේකට කියනවා මානසං කියලා. මෙතනදී සං යන වචනය යෙදෙනවා. මැන ගත්තු ටිකට මාන කියා කියනවා. මාන ටික එකතු කරගෙන මාන සං කළාම අපි එය පොල් ගසක් වශයෙන් හඳුනා ගන්නවා. පොල් ගසක් වශයෙන් හඳුනා ගත් පසු තමයි අපිට මේ බැඳීමේ ක්‍රියාවලිය වෙන්නේ. දැන් පටිච්ච වීමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. පොල් ගහ ලෙස හඳුනා ගැනීමට පෙර, අපි ඊට රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් බැඳෙන්නෙ නෑ. පොල් ගස එක් උපමාවක් පමණයි. ප්‍රියමනාප ලෙස දකින ශරීර ආදියත් දකිමින් මෙන් ඒ ඒ කොටස් මැනගෙන සං කර හෙවත් එකතු කර මනෝ රූපයක් සාදා ගන්නවා. රාග, ද්වේශ, මෝහ ඇතිවන්නේ මේ අවස්ථාවෙන් පසුවයි. ඒ තමයි මානසං වුනාට පසු, හදයං කියන අවස්ථාව. මේ හදයං යන්නෙහි තේරුම හාද වෙනවා කියන එකයි. ඒක අපි කවුරුත් දන්නවා. යාළු වෙනවා, හිතවත් වෙනවා කියන එකයි. මෙසේ අපි දැකපු ද්‍රව්‍ය වස්තුවත් සමග අපි හිතවත් වෙනවා, හාද වෙනවා. ඉන්පසු එන්නේ පන්ඩරං කියන කොටසයි. ඒ කියන්නේ අපි හාද වෙච්ච එක තවදුරටත් පන්නරයේ පිහිටනවා. යකඩයෙන් ආයුධයක් හැදුවාමත් ඒකට අපි පන්නරයේ පිහිටනවා කියල කියනවා. ඒ වගේ තමයි මෙතනත්. අපි හාද වෙච්ච එක තවදුරටත් පන්නරයේ පිහිටෙව්වාම පන්ඩරං කියල කියනවා. භවයට අංග හෙවත් භවාංග වෙන්නේ මෙබඳු හිතක්මයි. මේ අවස්ථාව ආවට පසු මනෝ මනායතනං, මනේන්ද්රියං ආදී වශයෙන් මනස මේකට සම්බන්ධ වෙලා අවසානයේදී මනෝ විඤ්ඤාණය හැදෙනවා. මේ මනෝ විඤ්ඤාණය හැදුන කියල කියන්නේ ඒ තුළ රාගය හෝ ද්වේශය මිශ්රයි. අවිද්‍යා සහගතව ගොඩනැගෙන විඤ්ඤාණවල හැටි මෙසේය.
ඉන්පසු පටිච්ච සමුප්පාද පියවර වශයෙන් මනෝ සම්ඵස්සය, මනෝ සම්ඵස්සජා වේදනා, ඊට හා වීම හෙවත් තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණවලින් තමයි කෙළවර වෙන්නේ. එහෙනම් අපි මුළින්ම මේ ජාති නිපදවීම සඳහා වූ ක්‍රියා මාර්ගය නැවැත්වීමට නම් අනිච්ඡ බව දැනගැනීම හෙවත් විද්‍යාව පහළවීම තුළින් පටිච්ච වීම නවත්වා ගන්න අවශ්‍යයි. එසේ අභිවිඤ්ඤාණ ගොඩනැගීම නැවැත්තුවොත් ජාති ගොඩනැගීමත් නවතිනවා. ඒ සමගම ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස… ආදී සියලූ දුක් උදාවෙන්නෙ නැති බව දකිනවා. මේ නිවනට පත්වීමයි. දැන් අපි රහතන් වහන්සේ කෙනෙක් ගැන හිතුවොත් උන්වහන්සේගේ ඇසට රූපයක් ගැටෙන කොට මනෝ, මානසං කියන පියවරවල් දෙකම සම්පූර්ණ වෙනවා. මේ සම්පූර්ණ කිරීම ඒ ගැටිච්ච රූපය හඳුනා ගැනීම සඳහා අවශ්‍යයි. එය හඳුනා ගැනීම මානසං (විපාක විඤ්ඤාණ) වශයෙන් සලකනවා. ඊට එහා ගියොත් හදයං, පන්නරං ලෙස හාදවීමක් ඇති වුනොත් අභිවිඤ්ඤාණ හෙවත් සසරට හේතුවන විඤ්ඤාණ ගොඩනැගෙනවා. රහතන් වහන්සේ සසරට හේතුවන විඤ්ඤාණ ගොඩනගන්නෙ නෑ, ද්‍රව්‍ය වස්තු හඳුනා ගැනීමේ විඤ්ඤාණ පමණක් ගොඩනගනවා.
සෝතාපන්න පුද්ගලයා කෙරෙන් සත්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන සංයෝජන ඉවත් වන හැටි දැන් සලකා බලමු. කාය යන්න මින් පෙරත් විග්රහ කළා. එනම් ඇස, කන, නාසය, දිව, ශර
Can one become an "Ariya" in these times ?
Is it difficult to become an "Ariya" ?
අනාගාමී බවට පත්වන පුද්ගලයා විඳීමේ බලාපොරොත්තුව පිළිබඳව ඒ ඒ වින්දන අවස්ථාවේදී නිස්සාර බව විදර්ශනාත්මකව දකිනවා. මොහොතින් මොහොත ගෙවි ගෙවී ගොස් විනාශයට පත් වන ලෞකික සම්පත්වල ආකාරය, ඒවා නිසා විඳින්න සිදුවන නිශ්ඵල වෙහෙස දකිනවා. ලෝකයේ නියම ස්වභාවය නිතරම වැටහෙන්න වෙනවා. මෙසේ දන්නා විට, දක්නා විට විඳීමේ බලාපොරොත්තු පහ වී යන අයුරු ප්රත්යක්ෂ ලෙස දකිනවා. නැවත එබඳු වින්දන මොහොතක් ස්පර්ශ කරන විට ඒ පිළිබඳව තිබූ තණ්හා උපාදානයෝ ක්‍රමයෙන් ලිහිල් වන හැටි ප්රත්යක්ෂ කරමින් දකිනවා.
තම තමන්ගේ මෝරපු නුවණ අනුව මේ ප්රත්යක්ෂ නුවණ පහළ වීමට ගතවන කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. යම් ලෝකාස්වාද වින්දනයක් තමා කරා ඇසුරට ඒද, එය යන්තමට වින්දනය කරන විටම වින්දන ආස්වාදය ඉක්මවමින් ප්‍රඥාව නැගී සිටිනවා. ඊට ඇති තණ්හා උපාදානයෝ ක්‍රමයෙන් සමුච්ඡේද ප්‍රහාණයට යනවා. මෙසේ ක්‍රමයෙන් හටගැනීම, ජරාවට පත්වීම, වැනසීම උරුම කර ගත් ලෝකාස්වාද ස්වභාවය මනාව වැටහෙනවා. අතීත වූ මොහොතකම, භංග වූ අරමුණකම මතක රටාවන් වර්තමාන මොහොතක් සේ ගනිමින් ඇළුණු බැඳුනු ආකාරය වැටහෙනවා. මායාවක් මෙන්, මිරිඟුවක් මෙන් වැටහෙන විට, ආදීනව සිහි වන විට ඇසුරට බිය බවක් වැටහෙනවා. එහි ප්‍රබල ආදීනවයක්ම වැටහෙනවා. මිදීම සුවය ලෙස ක්‍රමයෙන් වැටහෙමින් තමා වෙත එන සෑම වින්දනයක් කෙරෙහිම ක්‍රමයෙන් නොඇලී යනවා. ආස්වාදයේ නොඇලී උපේක්ෂාවෙන් සිටිනවා.
යම් මොහොතක ප්‍රබල ප්‍රඥාව පහළ වන විට ත්රිලක්ෂණයෙන් ඔප් නංවා දෙන අරමුණක් හමුවුනොත් වින්දන, ඇලීම, බැඳීම පිළිබඳව ඇති සියුම් අනුශය දුරු කරමින් නිවනින් සංසිඳීමේ සුවය අරමුණු කර අනාගාමී ඵලය ලබනවා.
මීළඟට ඉතිරි වන්නේ වින්දන බලාපොරොත්තුවලින් ද මිදුණු, දැනගන්න පමණක් සීමා වූ බලාපොරොත්තුවයි. මේ වන විට ඇති දැනගැනීමේ බලාපොරොත්තුවත් ඇත්තේ වීතරාගී (රාගයෙන් තොර), වීත දෝෂී (ද්වේශයෙන් තොර), වීත මෝහී (මෝහයෙන් තොර) බවට අනුරූප වූ අරමුණු පිළිබඳවයි. දිවෙන්, නාසයෙන්, ශරීරයෙන් ලබන ආස්වාද පිළිබඳ කිසිවක් කෙරෙහි එල්බ ගත් සිතක් නෑ. ඒ පිළිබඳ බලාපොරොත්තුවක් නෑ. බඩගින්න, කායික වෙහෙස, කායික දුක් වේදනා ආදියේදී ඒවායින් වන දාහය සංසිඳවා ගන්න ආහාර ගන්නවා, බෙහෙත් හේත් ගන්නවා. සීත-උෂ්ණ, මැසි-මදුරු ගැහැට එන විට ඉන් මිදීමට යමක් කළ හැකි නම් ඒ දෙය දැහැමිව කරනවා. ඊට දැහැමි මගක් නැත්නම් උපේක්ෂා වෙනවා. දහම් ශ්‍රවණ, ආර්ය දර්ශන, ධර්ම සාකච්ඡා වැනි වීත රාගී, වීත දෝෂී, වීත මෝහී ආරම්මනයන් දැනගැනීමට ඒ අරමුණු ඇසුරට සිත් වෙනවා. ඒවාද තම ධර්මාස්වාදයට නොව ලෝකාදර්ශයට කරන කටයුතු වෙනවා.
ඇසට පෙනීම තියෙනවා. නමුත් කාමුක දර්ශන බැලීමක් නෑ. කාම දර්ශන කසල ගොඩක ඇති කුණු රොඩු දකින්නා සේ නිශ්ඵලව වැටහෙනවා. අත පිස දැමූ මඩ කුණු තැවරුණු කඩදාසි කැබැල්ලක් කසල ගොඩක තිබෙනවා දැක්කම එහි ආස්වාදයක්, ඇලීමක්, බැඳීමක් හෝ ගැටීමක් ද නැතිවා මෙන්ම, එහි ස්පර්ශය පිළිකුල් කරන ලෝක සත්ත්වයාට (මනුෂ්‍යයාට) එය තමා ස්පර්ශ නොකරන නිසාත්, කසල ගොඩක ඇති නිසාත් ඒ කෙරෙහි මධ්‍යස්ථ භාවයක් වන්නා සේ අනාගාමී උතුමන්ට කාමයෝ ද එබඳු ආකාරයෙන්ම වැටහෙනවා. ඒ අයට කිසි විටෙකත් ඇසින් අරමුණු දැක කාම සිත් උපදින්නෙ නෑ.
එසේම කනට කාමුක ශබ්ද ඇහෙනවා. නමුත් කාම සංඥා පහළ වෙන්නෙ නෑ. විරාග නිශ්රිත, නිරෝධ නිශ්රිත දහම් හඬ නම් ස්පර්ශ කරනවා, අහනවා. ඒවා අහන්න බලාපොරොත්තු තියෙනවා. කාම නිශ්රිත බවින් මිදීමේ නිරෝධය වැටහෙනවා.
දිව, නාසය, ශරීරය පිළිබඳව ආස්වාද සංඥා නෑ. ඒ ආස්වාදයන් කුණු ගොඩක ඇති කඩදාසි කැබලි මෙන් දකිනවා. දැනීම තියෙනවා. නමුත් ඒ සඳහා තණ්හා උපාදාන නෑ. දුඟද දැනෙනවා. නීරස දැනෙනවා. දුක් පහස දැනෙනවා. ඒවායින් ද වෙන් වෙන්න කටයුතු කරනවා. නමුත් එසේ නොහැකි වූවයි කියා ගැටීමක් ඇති වෙන්නෙත් නෑ. ඒ වෙලාවට උපේක්ෂා වෙනවා. පෙනීම, ඇසීම, ගඳ සුවඳ දැනීම, රස නීරස දැනීම, සැප දුක් පහස දැනීම, ඒවා පිළිබඳ හිතට වැටහීම පෙර කර්ම විපාකයන් හා පැවැත්මේ ආදීනව නිසා බවත් වැටහෙනවා.
පෙර තමන් කරපු අසන බව, බලන බව, සිඹින බව, රස විඳින බව, ස්පර්ශ පහස ලබන බව, ඒ පිළිබඳව ආස්වාද ලෙස ඇලෙන බැඳෙන බව කාම ලෝකයේ පැවැත්මට හේතු වූ කර්ම සැකසීම ලෙස වැටහෙනවා. ඒවා දැන් නැති නිසා තමන් කාම ලොව සැරිසැරීම නොකරන්නෙක් බවත්, කාම ලොව ඉක්මවූවෙක් බවත් වැටහෙනවා.
මෙසේ පැවැත්මට හේතුව ඡුන්ද රාගයෙන් ඇසුරු කිරීම බවත්, තණ්හා උපාදාන හෙවත් ඇලීම් බැඳීම් බවත් වැටහෙන විට තමා තවම ලෝකයේ රූප රාගයන් පිළිබඳව සෙවීම්, බැලීම්, මෙහෙයවීම් සහිත වූවෙක් බවත්, ඒ නිසා පහළ කිරීම් කෙළවර කර නැත්තෙක් බවත් වැටහෙනවා. මෙසේ ක්‍රමක්‍රමයෙන් අරිහත් මාර්ග අනුගාමිකත්වය වැඩෙනවා.
Puthujjanas
Is this due to the fact that those who profess different "sects" of Buddhism have had no opportunity of studying Buddhism as the Buddha taught ? Or is it due to the fact that the leaders of these various "sects" have had no opportunity of meeting together and discussing Buddhism with a view to bringing about one unified movement ? Or, again, is it due to the fact that the leaders of these sects as mere "Puthujjanas ", stick to their own beliefs without giving a thought to their rightness or wrongness ?
I must confess that I have not got the answer to these queries, and it is not at all easy to get the right answer. Of course, during my brief stay of four or five days in Japan, it will be hardly possible for me to find the correct answer. Therefore, let me relegate this task to the World Buddhist Federation in which you are participating. It will be in the interest of Buddhism if this Federation can form a Committee of representatives of all "sects" with a view to determining one single " School" of Buddhism. If it is the desire of this committee to open its headquarters in Burma, it will be our pleasant duty to provide accommodation and necessary expenditure. But while I am in Japan I want to pave the way for the emergence of one single "school" of Buddhism.
Only "Puthujjanas" are capable of believing in different " sects" of Buddhism "Ariyas" are not. I hope you all know that a Puthujjana is a person who has not yet become an Ariya. I will explain what is meant by an Ariya in the course of my speech. So, if it is our desire to see only one" School" of Buddhism, and not diversified sects, the best means of achieving this is to make the Buddhists "Ariyas".
You may well ask the following questions: -
Can one become an "Ariya" in these times ?
Is it difficult to become an "Ariya" ?
One can become an "Ariya" in these times. If only one practises the Buddha's teachings in the right manner, one can become an "Ariya" in any time. The Buddha said in unequivocal terms that the days of "Ariyas" would never be over.
The Buddha also said in unequivocal terms that the practice of Buddhism would be rewarded at any time, and that one who practised Buddhism would discover the truth of the Dhamma in one's own life time.
In the circumstances, is it difficult to practise Buddhism with a view to discovering the truth ? My answer is in the negative. One need not have a sharp intellect to become an "Ariya"; any one who believes in the Dhamma and who has the necessary tenacity to practise it can become an " Ariya ".
There are four types of Ariya
Sotapanna, Sakadagami, Anagami and Arahat.
Sotapanna is the first stage of an Ariya, and a person who has reached this stage will enjoy the following advantages--
(a) Puthujjanas are apt to relish evil actions, evil expressions and evil thoughts more than good actions, good expressions and good thoughts. Therefore, there are more chances for a Puthujjana, after death, to go to one of the four nether planes of Existence called Apaya than to go to one of the higher planes of Existence. But a person in spite of his or her evil actions, evil expressions and evil thoughts in the past, will not go to any of the four nether planes of Existence, once he or she becomes a Sotapanna.
(b) If one persists in one's own life time, he or she can be an Arahat, and attain Anupadisesa-Nibbana. Even if a Sotapanna cannot persist in his or her practice and fails to become an Arahat in this life time, then a rebirth in one of the higher planes of Existence, the human plane, six planes of Lower Spiritual Beings (Deva) or twenty planes of Brahmas, Higher Spiritual Beings, is assured.
After at most seven rebirths in these higher planes, he or she is sure to attain Nibbana. A Sotapanna can never be reborn for the eighth time.
(c) Since the above facts relate only to one's hereafter, you may perhaps doubt their validity. Therefore I want to tell you what a Sotapanna comprehends very vividly even in his or her own lifetime. As soon as a person becomes a Sotapanna, the characteristic tendency of the human mind to doubt will become completely annihilated.
Whether a person is a Buddhist, or a Christian or of any other religion, he is assailed by doubts as to the truth or otherwise of his religion. This is the natural tendency of the human mind. The truth of this statement can be checked up by self-examination. A person who has become Sotapanna will no longer be assailed by such doubts. Anyone who. has reached that state will discover for himself that doubts no longer persist in him.
Besides these, a Sotapanna is simply incapable of taking life, theft, seduction, falsehood, taking liquor and drugs, and so forth. He or she is also incapable of evil actions, evil expressions or evil thoughts which can lead him to one of the four nether planes of existence. A Sotapanna will discover these facts for himself. I have come across in stances of many bad men undergoing a great transformation as soon as they reached the stage of Sotapanna.
Besides these, a Sotapanna can enjoy the bliss of "Phala" commensurate with the strength of mental awareness which he or she possesses. "Phala" is really an extraordinary phenomenon. I have seen with my own eyes a Sotapanna who was in the stage of "Phala" for five consecutive days. Besides the normal action of breathin
Don’t make friends before understanding
&
don’t break a friendship after misunderstanding
How has Vipassana Meditation Changed my life ...........
Ven.Waharaka Abeyarathalankara thero is the grate explainer of the Buddhism in the world to-day.
I completely changed ,I listened to most of his preaching and learnt a lot from that. Also, ven.Waharaka Abeyarathalankara thero’s answers are to be direct and very simple explain, it covered the equation from almost from all the angles. Listening to Dhamma preached by him immensely helped me and my ever questioning thoughts a break.
There are no words to explain how wonderful is the experience of listening to this miracle of preaching which is only miracle approved by Great Samma Sambuddha. I can always say from all of my heart that miracle I truly experienced through Ven. Waharaka Abayarathanalankara Thero. I simply have no words to explain how grateful I am for that! May this wonderful blessings covers the whole universe and may all being bless with the best!!!
Vipassana Meditation means seeing things as they really are. It means that you are not just looking at things, but really seeing what they are all about. Seeing through the mask, seeing the truth. Ultimately, this path leads to wisdom and with this wisdom comes that stress, anxiety and depression fall away and a relaxed person is left, who is unconcerned with the little problems of every day life, but knows how to handle them with wisdom.
Listening to Dhamma this help me to concentrating most of time meditation its wonderful experience without wasting time. Now I feel what is real Anicha, Dukka ,Anaththa nature of this world.
This all change me with Good Damma, and for fortune I met good friends they are Stephen long , Banthe Pannananda and from listening Bana (Damma) . once we entered to Damma ,its very easy Damma is guiding us where we have to go , what we have to do and why we are holding, now i feel , those days I like very much getting and saying its mine i thought its real happiness in this world. after doing meditation now feel if release and see its more happy than earlier because I dont want protect and hold say its mine , what is mine its the way to getting sad and worries if we can say its not mine I feel " SANSARA" can start to stop. we are getting birth as a human its very rare but most of people they want adding sansara they dont want stop sansara.
It is a bit like a small child asking the question: why? Why are things the way they are? Why am I supposed to wear this and behave like that? Why do we eat the things we eat and say the things we say? As an adult who has learned to simply accept these things as a matter of fact, it is difficult to answer these questions. Also, we do not like to think about them and their possible consequences. What would happen if we suddenly decided to change our lifestyle, our clothes, what we eat and drink, what we value and care for? Our environment, our parents, family and friends would be shocked! You can't do that! You are supposed to ....etc. They would pressure us back into the way we are accustomed to.
But this is exactly what Vipassana does, it asks the question WHY? And you have to face it and answer it. And then you have to ask yourself if that aspect of life is really where you want to be. Does it really help you. And then you can make a decision if you wish to change that in your life or not. It asks the question if you are really doing something
because YOU want it, or
because OTHERS want it.
Your choice,
your truth.
Vipassana meditation changed my life completely, and that is no understatement. I am now a much happier and relaxed person, while before I was depressed, easily getting angry. I had panic and anxiety attacks and really did not know what to do with myself. On top of that, I was ashamed of myself. This is not to say that you can only do Vipassana meditation when you are are wreck like that. You can do Vipassana even when you are already rather happy, and still find a lot of benefits. But then again, this post is about my personal story and not yours.
May triple gem bless you for the best !!!
මේම වෙබ් අඩවිය තුලින් යම් සත්ධර්ම කරුණක් පෙන්වා දෙන්නට උත්සාහ කරනවා ,
ඒවා කිව්වේ කව්ද?
කොයි හාමුදුරුවෝද?
හාමුදුරුවන්ගේ මාර්ග ඵලය කුමක්ද?
මේ කතුවැකිය ලියන මගේ මාර්ග ඵලය කුමක්ද?
ආදී දෑ සොයමින් කාලය නාස්ති කරගන්නේ නැතිව ඒ කියලා තියෙන්නේ කුමක්ද කියලා තමන්ට තියෙන බුද්ධිමට්ටමකින් විවෘතව විමසා බලා ප්‍රායෝගිකව ජීවිතයට ලංකරගෙන ඒවා තුලින් තමන්ගේ රාගය, ද්වේශය, මෝහය, අඩුවෙනවද කියලා තමන්ම හොයාලා බලාගන්නට උත්සාහ කරන්න වීර්ය කරන්න කැපවෙන්න..............
එවිට නිවීම ලැබේවා ලැබේවා කියලා පතන්න දෙයක් නෑ රාග ද්වේශ මෝහ අඩුවෙන පමණින් තමන්ට ලැබෙන සැනසීම නිවීමත් ඒ ගුණයන් වැඩීමෙන් ඉක්මනින්ම නිර්වාණය ලැබෙන්න පරිසරය සැකසෙන බවත් තමන්ටම දැකගන්නට හැකිවේවි!
තෙරුවන් සරණින් යහපතක්ම වෙත්වා!!!
_
How to become a Buddhist
Load Buddha
It is not a difficult thing. You can do it from anywhere you are. It is not essential to go to a temple to be a Buddhist. First and foremost believe in the Tripple Gem, Buddha (Lord Buddha himself), Dhamma (his teachings), & Sangha (His disciples)
This is how you pray:
Namo Thassa Bhagawatho Arahatho Samma Sambuddassa ///
(You have to tell this sentence three times. It means “I worship Lord Buddha”)
After that :
Buddhan Saranan Gachchaami
(I follow Buddha)
Dhamman Saranan Gachchaami
(I follow Dhamma)
Sanghan Saranan Gachchaami
(I follow Sangha) .
Duthiyampi Buddhan Saranan Gachchaami
(For the second time, I follow Buddha).
Duthiyampi Dhamman Saranan Gachchaami
(For the second time, I follow Dhamma).
Duthiyampi Sanghan Saranan Gachchaami
(For the second time, I follow Sangha)
Thathiyampi Buddhan Saranan Gachchaami
(For the third time, I follow Buddha).
Thathiyampi Dhamman Saranan Gachchaami
(For the third time, I follow Dhamma).
Thathiyampi Sanghan Saranan Gachchaami
(For the third time, I follow Sangha)
Then try your best to adhere to the following five precepts :
Panathi Patha Veramani Sikkhapadan Samadhiyami
I refrain from taking others’ lives (Killing).
Adinnadana Veramani Sikkhapadan Samadhiyami
I refrain from taking what is not mine (Stealing).
Kamesumichcha chara Veramani Sikkhapadan Samadhiyami
I refrain from sexual misconduct.
Musawada Veramani Sikkhapadan Samadhiyami
I refrain from telling lies.
Surameraya Majja Pama Dhattana Veramani Sikkhapadan Samadhiyami
I refrain from taking intoxicants (Alcohol and drugs)
According to Buddha’s teachings it is your thoughts that makes or breaks you. There are so many articles in the Internet regarding Buddha’s teachings. Our page too post articles. The best book to read at this stage is “What Buddha Taught” by an eminent Sri Lankan monk ‘Ven. Walpola Rahula’. If you have any more questions our page welcomes you. You will definitely have a peaceful life if you truly live up to Buddha’s teachings.
You can lead your own lifestyle as long as your habits adhere to the five precepts. Character wise, it is compassion on all beings that you should have. Once Buddha said that if a person can have loving kindness while he is being tortured by thieves, that person is a real follower of the Buddha.
I know it is difficult; but, if you live with indifference to all that’s happening in life and spread compassion (loving Kindness/ “Maithree”), you are above all. You will have the real solace. Meditation is the most important part in Buddha’s teachings. But, for that, you have to go to a Buddhist monk for advice, because, for each person the type of meditation is different.
As for food, there are no restrictions. But, as a Buddhist I would like if everybody could become a vegetarian saving the lives of the other beings.
As for habits, first see to your health by having clean habits, drinking lot of water and eating lot of vegetables and fruit. Secondly, find Buddhist books and spend at least one hour a day to learn Buddha’s teachings. Wherever you go, help the others in their need as you are able to. Spread the universal truth of Buddhism as you learn it.
May The Triple Gem Bless You!
MEDITATE WITH YOUR FAMILY
With the hectic pace and demands of modern life, many people feel stressed and over-worked. It often feels like there is just not enough time in the day to get everything done. Our stress and tiredness make us unhappy, impatient and frustrated. It can even affect our health. We are often so busy we feel there is no time to stop and meditate! But meditation actually gives you more time by making your mind calmer and more focused. A simple ten or fifteen minute breathing meditation as explained below can help you to overcome your stress and find some inner peace and balance.
Meditation can also help us to understand our own mind. We can learn how to transform our mind from negative to positive, from disturbed to peaceful, from unhappy to happy. Overcoming negative minds and cultivating constructive thoughts is the purpose of the transforming meditations found in the Buddhist tradition. This is a profound spiritual practice you can enjoy throughout the day, not just while seated in meditation.
Four Types of Meditation suitable to the Majority
1) Buddhanussati Meditation –Concentration of the mind with the continuous contemplation of a characteristic of Our Great Buddha.
2) Loving Kindness Meditation – Invoke blessings on other beings from one’s mind.
3) Meditation on Revulsion - Contemplating on the disgusting nature of the hair, teeth, nails and other organs of one’s body.
4) Marananussati Meditation – Contemplation of the inevitable death a being has to face.
1) Buddhanussati Meditationa)
a) Memorize in detail a Buddha image you like. ( It is advisable to do the meditation in front of a Buddha image at the start.)
b) Choose a peaceful place and sit comfortably keeping the back straight.
c) Start with worshiping our Great Buddha with the following sentences which contain his nine characteristics.
End the worshiping saying, ” I worship my Great Buddha, who has nine noble characteristics, with my mind, body & word.”
i) My Great Buddha is sacred with destroying all the defilements like lust, greed & passion; therefore, being worthy of veneration by gods and humans.
ii) My Great Buddha has known all things accurately by himself, which belong to the past, present & future; things that are timeless; without the help of anybody.
iii) My Great Buddha is proficient in supreme knowledge like “attaining insight” and fifteen kinds of conduct like “moral restrain”.
iv) My Great Buddha has followed the correct path to attain the enlightenment and has spoken appropriately at all times.
v) My Great Buddha has a complete knowledge of all the three worlds; “The world of beings”, “The world of formations” & “The world of spatial”.
vi) My Great Buddha is foremost in subduing those who were difficult to tame. He disciplined the humans, gods, devils, demons, demigods and Kings who were conceited with genus, merits, super natural powers, glory, knowledge & wisdom, etc.
vii) My Great Buddha is the noble teacher of all beings, humans and gods, leading them towards the good and the blissful Nirvana (Enlightenment).
viii) My Great Buddha has discovered the four Noble Truths all by himself and has awakened thousands of gods and humans with his knowledge leading them to enlightenment.
ix) My Great Buddha is fitting to be venerated and respected by all beings because of his infinite merit, indefinite super natural powers, boundless wisdom and limitless splendor.
d) Now, close your eyes and visualize the Buddha image in your mind and imagine as our great Buddha standing / sitting in front of you.
Reflect upon a quality of our great Buddha you like most from the above nine and meditate contemplating it.
e) Meditation should be done at least 15 minutes a day.
Meditation should be done with a composed mind suppressing all the other objectives.
Do not meditate for a long time initially. Increase the time bit by bit.
Do not meditate when you have ailments till they are cured.